එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සම්මුතිය මත පදනම් වූ ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බවට ඉන්දියාව පවසයි.
ඒ අනුව අරමුදල් වැඩි කිරීම, වැඩි දියුණු කළ තාක්‍ෂණය සහ භට පිරිස් දායක වන රටවලට වැඩි කාර්යභාරයක් අවශ්‍ය බව ඉන්දියාව අවධාරණය කර තිබේ.
සාම මෙහෙයුම් නව යථාර්ථයන්ට අනුගත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විවාදයක් අමතමින්, එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත, තානාපති පාර්වතනේනි හරීෂ් මේ බව පවසා ඇත.
ඔහු එහිදී නැගී එන තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් සාම සාධක නවීකරණය කිරීම සඳහා ඉන්දියාවේ දැක්ම ද ගෙනහැර දැක්වීය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට අද රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, සන්නද්ධ කණ්ඩායම්, ත්‍රස්තවාදීන් මෙන්ම අන්තර් ජාතික අපරාධ ජාලයන් සමඟ සටන් කිරීමට සිදුවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
වෛරී ප්‍රකාශ, ඩ්‍රෝන් ඇතුළු නව යුගයේ ආයුධ, ඩ්‍රෝන්, යනාදිය නව අභියෝග ලෙස නිර්මාණය වී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.