සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය අර්බුදය විසදීමේ වර්ථමාන ප්‍රගතිය පිළිබඳ තවත් එක් සාකච්ඡා වටයක් පැවැත්වුනා
ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී
මෙම සාකච්ඡාවට සමගාමීව බැංකු කරුවන්, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සමඟ සාකච්ඡා ද සාර්ථකව ඉදිරියට යන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ මොහොත වන විට මහ බැංකු වාර්තා අනුව සුලු හා මධ්‍ය පරිමාන ණය ගැතියන් 12,000ක් පමණ අර්බුදයට ලක්ව සිටින බවත් මෙම අර්බුදයට ලක්වූ ණය තොගය රු බිලියබ 210ක් පමණ වෙන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නා.
කෙසේ වුවද මෙම ණය ගැතියන්ගෙන් 1000ක් පමණ මේ වන විට සිය බැංකු සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරන සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන්ගෙන් 400ක් පමණ අය වෙනුවෙන් අමාත්‍යාංශය මැදිහත්වී තිබෙනවා.
එක් එක් ව්‍යාපාරයයේ ස්වභාවය, ණය ගෙවීමේ හැකියාව මත මෙහි ප්‍රගතිය රඳා පවතින අතර ණය පොලී කපා හැරීම, කාලය දීර්ග කිරීම, නව කාරක ප්‍රාග්ධනයක් ලබාදීම, අනාගත පොලිය යන කාරණා එක් එක් ව්‍යාපාරිකයා අනුව වෙනස් වනු ඇති.
කෙසේ වුවද මේ ක්‍රියාවලියට බැංකු සක්‍රියව මැදිහත්වීමක් කර ඇති බව දත්ත මගින් පැහැදිලි වුවත්, යම් කාරණා වලට ඊට වඩා මැදිහත්වීමක් ව්‍යවසායකයන්ගෙන් බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අපේක්ෂාවන් දෙක අතරමැදිකරුවෙක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මකවන බැවින් ඔබේ අනාගත ණය ගෙවීමේ සැළැස්ම සකස් කරගැනීමට අමාත්‍යාංශය හරහා මෙන්ම තම බැංකුව සමඟ සාකච්ඡා කිරීමට හැකියාවක් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.
පහුගිය සති කිහිපය තුළ අමාත්‍යාංශය හා ලංකා බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව අතර කළ සාකච්ඡා වලින් අඩක් පමණ සාර්ථක වූ බවත් රටේ පවතින නීතියට අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බැංකුව තීරණය කළත් ව්‍යවසායකයාන් හට මෙම සාකච්ඡාවට අවතීර්ණ වීමට බාධවක් නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
ඒ අනුව මේ මොහොතේ ඇති එකම හා හොඳම විසදුම අනාගත සැළැස්මක් සමඟ ඔබේ බැංකුව සමඟ සාකච්ඡා කිරීම බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව ඉහත 12000ක ව්‍යවසායකයන් පිළිබඳව මුදල් අමාත්‍යාංශය, මහබැංකුව හා කර්මාන්ත අමාත්‍යාංශය දිගින් දිගටම මැදිහත්වීමක් සිදු කරන්න සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.