මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජය වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ලකුණු 50කින් පරාජයට පත් කරමින්.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 196ක්.
නායක රජට් පැටිඩර් ලකුණු 51ක් රැස් කළා.
විරාත් කෝලි දැවී ගියේ ලකුණු 31ක් රැස් කර සිටියදීයි.
පන්දු යැවීමේදී නූර් අහමඩ් කඩුලු 03ක් සහ මතීෂ පතිරණ කඩුලු 02ක් බිඳ හෙළුවා.
ජයග්‍රාහී ලකුණු 197ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.
රචින් රවීන්ද්‍ර ලකුණු 41ක් රැස් කළා.
එම් එස් දෝනි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 30ක්.
පන්දු යැවීමේදී ජෝෂ් හෙසල්වුඩ් කඩුලු 03ක් බිඳ හෙළුවා.