වත්මන් ආණ්ඩුව මේ වන විට වැඩ බැරි ආණ්ඩුවක් බවට පත්වී ඇතැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රටේ උද්ඝෝෂණ ව්‍යාපාරය මීට පෙර මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ උද්ඝෝෂණ සහ විරෝධතාවන්ට එරෙහිව කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා පැවසුවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සමගි ජන බලවේග අපේක්‍ෂකයින් සමග පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.