Tuesday, April 1, 2025

General line - 0115112241

වාහන අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන මුද්‍රණාලයක් වටලයි 

චන්දන රොද්‍රිගෝ



සීදුව පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි මුද්‍රණාලයේ ව්‍යාජ ලෙස සකස් කරන ලද මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලබන වාහන වල අංක තහඩු සහ ආරක්ෂිත මුද්‍රාව ලෙස යොදා ගන්නා DMT ලාංඡනය සදහන් ස්ටිකර් ඇතුළු උපාංග රැසක් සමඟින් මුද්‍රණාලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය වෙත ලද තොරතුරකට අනුවයි.

රජය මඟින් ක්‍රියාවට නංවා ඇති Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ මෙම වැටලීම පොලිස්පති තුමාගේ සෘජු අධික්ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ  නිලධාරින් කණ්ඩායමක් එම තොරතරු වලට අනුවයොදවා සිදු කරන ලද ආවේක්ෂණයක් සිදු කර තිබෙනවා 

සිදු කල වැටලීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 03 ක්, ආරක්ෂිත මුද්‍රාව ලෙස යොදා ගන්නා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ DMT ලාංඡනය සදහන් ස්ටිකර් සහ උපාංග රැසක් සමඟින් මුද්‍රණාලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන සීදුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කල බවයි පොලීසිය සඳහන් කර සිටියේ