උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ එම ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ආහාරවල ස්වභාවය, පැහැය, ගන්ධය මෙන්ම ඇසුරුම් කළ ආහාරවල ලේබලයේ සඳහන් කරුණු පරික්‍ෂා කරන ලෙසයි.
නීති කඩකර ආහාර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසුවා.
එලෙස නීති උල්ලංඝණය කරමින් ආහාර අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසටද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.