Wednesday, April 2, 2025

General line - 0115112241

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් දැනුම්දීමක්



මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් ඉදිරි මාස 08ක කාලසීමාව තුළ අදාළ ව්‍යාපෘතීන් සඳහා වැය කිරීම අභියෝගයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා අනෙකුත් නිලධාරීන් සමග සාකච්ඡා කර අදාළ සංවර්ධන කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

දෙයියන්දර ප්‍රදේශයේපැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.