දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පලාලි ගුවන් තොටුපොළේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වුවා.