ගාසා තීරයේ පලස්තීන වැසියන් රාමසාන් උත්සවය සමරමින් සිටියදී ළමුන් ඇතුළු පුද්ගලයින 64 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.
මේ අතර දකුණු ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ රාජකාරී කළ වෛද්‍යවරුන් 08 දෙනෙකු ප්‍රහාරයකට ලක්වීමෙන් මියයාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.
එම වෛද්‍යවරුන් පිරිස රැගත් ගිලන්රථ පෙළ ප්‍රහාරයකට ලක්ව තිබුණේ පසුගිය 23වනදායි.
එම ප්‍රහාරයෙන් සතියකට පමණ පසු රතු අඩසඳ සංගමයේ වෛද්‍යවරුන් 08 දෙනෙකුගේ, සිවිල් සේවකයන් 05 දෙනෙකුගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
එම ප්‍රහාරය ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කර ඇති බවටයි හමාස් සංවිධානය චෝදනා එල්ල කරන්නේ.
එම විනාශකාරී ප්‍රහාරය 2017 වසරෙන් පසු ලොව ඕනෑම ස්ථානයකදී තම සේවකයන්ට එල්ල වූ දරුණුතම මාරාන්තික ප්‍රහාරය බවයි ජාත්‍යන්තර රතු අඩසඳ සංවිධානය පවසා ඇත්තේ.
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීනුවන් 50,277 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 114,095ක් තුවාල ලබා ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශ නිකුත් කළ නවතම වාර්තාවල සඳහන් බවද විදෙස් වාර්තාවල සඳහන්.