Wednesday, April 2, 2025

General line - 0115112241

මියන්මාරයට වෛද්‍ය ආධාර ලබාදෙන්නැයි හිටපු ජනපති රනිල් ආණ්ඩුවෙන් ඉල්ලයි

එන් ඒ ඩබ් නිරෝෂන



මියන්මාරයේ සිදු වූ භූකම්පනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින එරට ජනතාවට සහන සැලසීම සඳහා මෙරට හමුදා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හරින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මියන්මාරයේ තාවකාලික රෝහලක් ස්ථාපිත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

ඒ සඳහා අවශ්‍ය ඖෂධ මෙරට දානපතින්ගෙන් සහ මහජනතාවගෙන් එක්රැස් කරගත හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේ.