Thursday, April 25, 2024

General line - 0115112241

අලිමංකඩ ලුණු ආයෙත් එනවලු




අලිමංකඩ ලුණු ලේවායේ අස්වැන්න වසර 25 කට පසු මෙවර නෙළාගැනීමට සූදානම් වනවා.

කිලිනොච්චියේ යුද හමුදා කඳවුරේ සෙබලුන් විසින් ගිය වසරේ ලුණු ලේවාය පිළිසකර කර දීමට කටයුතු කර තිබුණා.

මෙවර ලුණු මෙක්ට්‍රික්ටොන් 8000 ක් ලබාගත හැකි වෙතැයි හමුදාව සඳහන් කරනවා. 1938 වසරේ අලිමංකඩ ලුණු ලේවාය ආරම්භ කර තිබුණා. එතැන් සිට 1990 වනතෙක් ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් 40%ක්ම ලබා ගත්තේ අලිමංකඩ ලුණු ලේවායෙනි.

එදා, යුද්ධයට පෙර අලිමංකඩ ලුණු ලේවායේ  ලුණු මෙක්ට්‍රික්ටොන් 50000 ක් පමණ නිෂ්පාදනය කර තිබෙනවා.

(1) (2) (3) (4) (5)