Tuesday, April 15, 2025

General line - 0115112241

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත බලාත්මක වෙයි



එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළා. 

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ඉකුත් 09 වන බදාදා දින පැවැති අතර කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. 

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉකුත් මාර්තු මස පළමුවනදායි. 

කතානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමග මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු සංශෝධන පනත වශයෙන් බලාත්මක වනවා.