ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා පැවසුවේ මේ තත්ත්වය හේතුවෙන් උද්ධමනය සහ බැංකු පොලී අනුපාතය ද පහළ මට්ටමකට ගෙන ඒමට රජයට හැකි වූ බවයි.
මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
රට තුළ යළි ජාතිවාදය මතු කරන අදහස්වලට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
පසුගිය කාලය තුළ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ලබාගත් සියලුම වරප්‍රසාද මේ වන විට කප්පාදු කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.