Tuesday, April 15, 2025

General line - 0115112241

ට්‍රම්ප්ගෙන් චීනයට සහනයක් - නිදහස් කරන භාණ්ඩ වර්ග මෙන්න



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබෙන තීරුබදු වලින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් වල බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා 

නිදහස් කරන ලද නිෂ්පාදන අතරට ස්මාර්ට්ෆෝන්, පරිගණක, මොනිටර, මෙමරි කාඩ්පත් ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස්ද මෙන්ම සංචාරක උපාංගද ඇතුළත් වනවා.

මෙම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත බැවින් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට අමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.   ‍

තවද ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය නොකරන ජනප්‍රිය පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණවල මිල අඩු මට්ටමක තබා ගැනීමට මෙම පියවර උපකාරී වනු ඇති බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා 

නව තීරුබදු අනුව අමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබූ බවයි මින් පෙර විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ.

ඊට හේතුව වන්නේ අමෙරිකාවේ අලෙවියට තබා ඇති I Phone ජංගම දුරකථනවලින් 80%ක් පමණ චීනයේ නිෂ්පාදිත බැවින් සහ ඉතිරි 20% ඉන්දියාවේ නිෂ්පාදිත බැවිනුයි.

නව නිදහස් කිරීම අප්‍රේල් 5 වන දින සිට එක්සත් ජනපදයට ඇතුළු වූ හෝ ගබඩාවලින් ඉවත් කරන ලද නිෂ්පාදන සඳහා අදාළ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය අනාවැකි පළ කරන්නේ චීනය ඉලක්ක කරගත් තීරුබදු ප්‍රහාරය ඇපල් සමාගම පළමු වරට එක්සත් ජනපදයේ අයිෆෝන් නිෂ්පාදනය කිරීමට තල්ලු කරනු ඇති බවයි.