අභියෝග හමුවේ නොසැලි රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්ය වගකිව යුතු රජයක් ලෙස තමන් සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ අනුව භූ දේශපාලනය තුළ මෙන්ම ජාතික වශයෙන් ද රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විට ක්‍රියාවට නංවමින් සිටින බවයි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මිනිසාත්, සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික ගණුදෙනුවෙහි අපූර්වත්වය අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවලින් නිරූපිතයි.
ඒවා සිංහල දෙමළ ජාතීන් අතර පැවති ඓතිහාසික බැඳීම හා සහජීවන පැවැත්ම පිළිබඳ ජීවමාන සාක්ෂියක්. වත්මන් සමාජය විවිධ බෙදීම් හේතුවෙන් ඉරිතලා ගොස් ඇතත්, අලුත් අවුරුද්ද වැනි සැමරුම් සංස්කෘතීන් තුළින් යළි පෙන්වා දෙන්නේ එවන් භේද දුරලා එකමුතුකම, සමගිය හා සහජීවනය සුරැකීමට බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
එම සහජීවනය දිරිමත් කරමින් අනෙකා පිළිබඳ සංවේදී වන ආචාරධාර්මික පැවැත්මක් අප තුළම නිර්මාණය කර ගැනීම මෙම අලුත් අවුරුද්දේ අපට පැවරී තිබෙන භාරදුර වගකීමක් බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන්.
මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
නව වසරේ නව පරිච්ඡේදය ආරම්භ කරන මොහොතේ, ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය සෑම පුරවසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.
ඉදිරි වසර තුළ සාර්ථකත්වය සහ ප්‍රගතිය අත්කර ගැනීම සඳහා කැපවීම, විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතිව කටයුතු කිරීම සැමගේ අදිටනක් බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගෙන රටත් ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම අප සියලු දෙනා සතු සාමූහික වගකීමක් බවයි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.