මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්ම 2025 ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනාගැනීමට ස්ටිකරයක් හඳුන්වා දීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර ගනිමින් “සිරි දළදා දැක්ම” සඳහා පිටත්ව යන වාහන වෙත එම ස්ටිකරය නිකුත් කරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
මහනුවර “සිරි දළදා දැක්ම” ප්‍රදර්ශනය සඳහා දිවයින පුරා පොලිස් වසම්වලින් කණ්ඩායම් වශයෙන් වාහන හා සැදැහැවතුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණෙන්නේ ද යන්න පිළිබඳව තොරතුරු ලබාගෙන එක් වාහනයකට එක් ස්ටිකරයක් බැගින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව නිකුත් කිරීමට නියමිතයි.
වන්දනා කණ්ඩායම් පැමිණෙන රථයේ ඉදිරි වාමුවාවේ වම්පස ඉහළ කෙළවරේ පිටතට හොඳින් පෙනෙන අයුරින් හා රියදුරුගේ දර්ශනයට අවහිරයක් නොවන සේ එම ස්ටිකරය ඇලවිය යුතු වනවා.
කෙසේවෙතත් ස්ටිකරය නොමැති වුවද සැදැහැවතුන්ට “සිරි දළදා දැක්ම ප්‍රදර්ශනය සඳහා සිය වාහනවලින් පැමිණිය හැකි බවයි පොලීසිය පැවසුවේ.
සිරි දළදා දැක්ම 2025 ප්‍රදර්ශනය ලබන 18 වනදා සිට 27 වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුළදී පැවැත්වීමට නියමිතයි.