මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ සැකකරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොට්ඨාස මට්ටමින් මත්ද්‍රව්‍ය ජාල හඳුනාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකල විශේෂ මෙහෙයුම් යටතේයි.
ඒ අනුව පසුගිය 13 වනදා සිදුකල වැටලීම් 148කදී එම සැකකරුවන් 148 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 57 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සමගින්.
සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 60යි ග්‍රෑම් 806ක්.
තවත් සැකකරුවන් 48 දෙනෙකු හෙරොයින් කිලෝ 53යි ග්‍රෑම් 353ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙසු සැකකරුවන් ගංජා, හෑෂ් සහ මත්කරල් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.