Wednesday, April 16, 2025

General line - 0115112241

ගාසා තීරයේ අවසන් ක්‍රියාකාරී රෝහලටත් ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්



ගාසා තිරයේ අවසන් ක්‍රියාකාරී රෝහල වන අල් අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යකර්ම අංශවලට දැඩි හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ප්‍රහාරයෙන් රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවෙකු මිය ගොස් තිබෙනවා. 

ප්‍රහාරයට ලක් වූ එම රෝහල අලුත්වැඩියා කරන තෙක් නව රෝගීන් ඇතුළත් කරගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර ගාසා තීරයේ රෝහල්වල තත්ත්වය මේ වන විටත් විස්තර කිරීමට අපහසු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. 

ඊශ්‍රායලය එම ප්‍රදේශය අවහිර කිරීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඉතා අඩු මට්ටමක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.