දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ ප්‍රදේශයේ ජූලියන් නගරයට රික්ටර් මාපක 5.2 ක භූමිකම්පාවක් සහ කුඩා පසු කම්පන කිහිපයක් ඇති වී තිබෙනවා
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, භූමිකම්පාව එරට වේලාවෙන් පෙ.ව. 10:08 ට සිදු වූ අතර එහි අපකේන්ද්‍රය සැන් ඩියාගෝ ප්‍රාන්තයේ ජූලියන් සිට සැතපුම් තුනක් පමණ දකුණින් පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිලධාරීන් සඳහන් කර ඇත්තේ.
එහි ප්‍රබලත්වය දකුණු කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ මෙක්සිකෝවටත්, උතුරින් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය දක්වා සැතපුම් 120 ක් පමණ දුරටත් දැනී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ඇති වි තිබෙනවා.
හානි හෝ තුවාල පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
දකුණු කැලිෆෝනියාවේ වසරකට භූමිකම්පා 10,000ක් පමණ ඇතිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ