සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 72 හැවිරිදි වියේ පසු වුණා.
1952 නොවැම්බර් මස 22 වන දින මාතර කෝට්ටගොඩ ග්‍රාමයේ දී මෙලොව එළිය දුටු ජයසේන කෝට්ටෙගොඩ මහතා මූලික අධ්‍යාපනය සඳහා ගොඩඋඩ කනිටු විදුහලටත් අනතුරුව ගොඩඋඩ මහා විද්‍යාලයටත් ඇතුළු වී පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට පිවිසුණා.
කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්යවරයකු ලෙස එක් වූ ඔහු පහතරට නර්තනයේ ජීවමාන නර්තන විශාරදයා මෙන්ම මෙරට සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරයා වනවා.
ජයසේන කෝට්ටේගොඩ මහතාගේ දේහය බොරලැස්ගමුව, 10 කණුව පාරේ ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වනදා බොරලැස්ගමුව පොදු සුසාන භුමියේදී සිදු කිරිමට නියමිතයි.