බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ධම්මික සිරිදත් මහතා සිය නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත පැන යාමට එලෙස කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා.
ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හදුනා ගැනීමේ පද්ධතියට යොමු කිරීමෙන් පසු සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
“ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර” නැමති ව්‍යාජ නමකින් සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් සැකකරු රටින් පලා යාම උත්සාහ කර තිබෙනවා.
31 හැවිරිදි සැකකරු අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි විජේමුනි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නැමැත්තා බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.
ඔහු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “කරන්දෙණිය සුද්දා” නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බව අනාවරණ වී තිබෙනවා.
සැකකරු ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අම්බලන්ගොඩ මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු රැගෙන ගොස් තිබෙනවා.