Wednesday, April 16, 2025

General line - 0115112241

මහියංගනයේ වෙඩි තැබීමක්

රංජිත් කරුණාවීර



මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. 

තුවාල ලැබූ එම පුද්ගලයා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

වාහන කිහිපයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
 

කෙසේවෙතත් වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ එම පාර්ශවයේම පුද්ගලයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

දෙපාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතුවී තිබෙනවා. 

අද පැවති අවුරුදු උත්සවයකදී ද එම දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.