සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණීමට අද දිනයේ ද බස් රථ ධාවනය කෙරෙනවා.
ඒ අනුව මගීන්ගේ අවශ්‍යතාව පරිදි නියමිත කාලසටහනට අමතරව අතිරේක බස් රථ ද ධාවනයට එක් කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - ධාවන, පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ.
මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද පැවසුවේ නියමිත කාල සටහන යටතේ දුර ගමන් සේවා බස් රථ අද දිනයේ ධාවනයට එක් කරන බවයි.
කෙසේවෙතත් පෞද්ගලික බස් රථ සියයට 60කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේ ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
මේ අතර දුර ගමන් දුම්රිය අද දිනයේ ද ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.