Wednesday, April 16, 2025

General line - 0115112241

ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී වෙඩි තැබීමක්

චන්දන රුද්‍රිගු



ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළ අසලදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට එලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. 

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී එම කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා රථයෙන් බැස අසළ තිබූ වෙළෙඳසැලකට දිව ගොස් තිබෙනවා. 

වෙඩි තැබීමෙන් ඔවුන්ට තුවාල සිදු වී නොමැති බවද පොලීසිය පැවසුවා. 

අදාළ වෙඩි වැදීමෙන් වෑන් රථයට අලාභ සිදුව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

වෙඩිතැබීම සිදුකර පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.