මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරස්ථානයේ දී අවුරුදු උත්සවයක් පවත්වා තිබෙනවා.
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සඳහා බ්‍රේෂියා නගරයේ හා ආසන්න ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ආගම් භේදයකින් තොරව මීට සහභාගිවීම විශේෂත්වයක්.
බ්‍රේෂියා බෞද්ධ විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වතෝගල ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම වැඩසටහන සංවිධාන කර තිබුනා.
වැඩි පිරිසකට රැස්වී එකම ස්ථානයක සිට අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ අවස්ථාව සලසා දීමේ අරමුණින් වාර්ෂිකව මේ අලුත් අවුරුදු වැඩසටහන බ්‍රේෂියා බෞද්ධ විහාරස්ථානයේදී සිදුකෙරෙනවා
බුද්ධ පූජාව, සෙත්පිරිත් සජ්ඣායනාව ඇතුළු ආගමික වතාවත් ඉටුකිරීම පළමුවෙන් මෙහිදී ඉටුකෙරුණා.
අවුරුදු කැවිලි වර්ග සහිත අවුරුදු කෑම මේසය දරුවන් අතින් විවෘත කොට ආහාර අනුභවය ,බුලත් හුරුලු දී වැඩිහිටියන් නැමදීම, හිසතෙල් ගැල්වීම ඇතුළු අලුත් අවුරුදු චාරිත්‍ර මෙහිදී ඉටුකරනු ලැබුවා.
ව්දේශගතව ඉපදුණු හා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවෙන් බැහැරව හැදීවැඩෙන දු දරුවන් හට අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අවබෝධයක් ඇති කරවන අයුරින් මෙය සංවිධාන කර තිබීම විශේෂත්වයක්.