අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදුවලට මුහුණ දීම සඳහා වත්මන් ආණ්ඩුව දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටින බව ආණ්ඩුවේ ආර්ථික හා ආයෝජන අංශයේ උපදේශක වරලත් ගණකාධිකාරී අමරසේන අතුකෝරළ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්ද වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් සිටින බවයි.
ආර්ථික හා ආයෝජන අංශයේ උපදේශක වරලත් ගණකාධිකාරී අමරසේන අතුකෝරළ මහතා කියා සිටියේ ට්‍රම්ප් පරිපාලනය පැනවූ බදු අමෙරිකානුවන්ටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු ප්‍රමාණය සියයට 44ක්. එය ක්‍රියාත්මක වීම මේ වන විට දින 90කට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.