Saturday, May 31, 2025

General line - 0115112241

නීතිවිරෝධී මත්පැන් සකස් කළ පුද්ගලයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට



නීති විරෝධී මත්පැන්, ගෝඩා සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු වරකාපොළ, උඩුවක ඇත්නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරක් මත කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. 

එම වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 99ක් මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1,820ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි අල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.