Saturday, April 19, 2025

General line - 0115112241

රට වටා පොලිස් මෙහෙයුමකින් 287ක් අත්අඩංගුවට



ඉකුත් අප්‍රේල් මස 13 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 287 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉන් 106 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන්. 

තවත් 96 දෙනෙකු ගංජා වැටලීම්වලට අදාළව සහ තවත් 82කු හෙරොයින් වැටලීම්වලට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මත් පෙති 337ක් සහ දුම්වැටි 301ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

රේගුව සමග ඒකාබද්ධව කළ වැටලීමකදී  ගංජා මිශ්‍ර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 22ක්ද මෙම දිනවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.