චීනය නව වෙළඳ නියෝජිතයෙකු හදිසියේ පත් කර තිබෙනවා.
ඒ, අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ බදුවලට මුහුණ දීමේ අරමුණින්.
හිටපු සහකාර රාජ්‍ය අමාත්‍යවරයෙකු මේ සඳහා පත් කර ඇති අතර අමෙරිකානු බදු හමුවේ චීන ආර්ථිකය කඩා නොවැටී ආරක්‍ෂා කර ගැනීම ඔහුට පැවරෙන ප්‍රධාන රාජකාරියක් වනු ඇති බවයි.
අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ තීරුබදුවලට මුහුණ දීම සඳහා චීනය විසින් මේ වන විටත් නව පියවර 48ක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, චීනයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පවතින ඉල්ලුම ඉහළ නැංවීමේ අරමුණින්.
කෙසේවෙතත් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ තීරුබදු හේතුවෙන් චීනයේ ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.
මේ වසරේ පළමු කාර්තුවේදී චීනය, සියයට 5යි දශම 4ක ආර්ථික වර්ධනයක් අත් කරගනු ඇති බවට මීට පෙර පුරෝකථනය කර තිබුණද නව තත්ත්වය හමුවේ චීන ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවටයි මේ වන විට අනතුරු ඇඟවීම් සිදු වෙමින් පවතින්නේ.