මළල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර පදක්කම් දෙකක් ලැබී තිබෙනවා.
ඒ, සෞදි අරාබියේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියේදීයි.
එහිදී මීටර් 100 බාලිකා ධාවය ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු සමත් වී තිබෙනවා.
ඇයගේ තරඟ නිමි කාලය තත්පර 11යි දශම 9යි 2ක්.
මීට අමතරව මීටර 1,500 තරග ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවට හිමි වුණා.
පදක්කම දිනා ගත්තේ ළහිරු අචින්ත ක්‍රීඩකයා විසින්.
ඔහුගේ තරඟ නිමි කාලය විනාඩි 3යි තත්පර 59යි දශම 4යි 7ක්.
වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදි මෙවර පැවැත්වෙන්නේ 06 වන වරටයි.
මළල ක්‍රීඩා තරඟාවලිය ආරම්භ වූයේ ඉකුත් 15 වනදායි.