Saturday, April 19, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 176ක් පොලීසියට



මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 176ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. 

එම පැමිණිලි ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව සහ අපරාධමය පැමිණිලිවලට අදාළවයි. 

අපේක්‍ෂකයින් 18 දෙනෙකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 14ක්. 

ඊයේ පෙරවරු 06 සිට අද පෙරවරු 06 දක්වා ගතවූ පැය 24ක කාලය තුළ නීති උල්ලංඝණය කිරීමට අදාළව පැමිණිලි 06ක්ද අපරාධමය පැමිණිලි 02ක් ද ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.