වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා එළඹෙන 23 වනදා ගොඩගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා එම දේහය මෙම මස 23 වනදා ගොඩ ගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා විසින් එම නියෝගය නිකුත් කළේ.
මෙම ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණා.
ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී ආර් රුවන්පුර සහ ජ්‍යේෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ යන මහත්වරුන් මෙම විශේෂඥ වෛද්‍ය කමිටුවට පත් කර තිබෙන බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.