“සිරි දළදා වන්දනාව” සඳහා මේ වන විටත් 6,000කට අධික පිරිසක් මහනුවර නගරයට පැමිණ ඇතැයි මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් පවසනවා.
උන්වහන්සේ සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් දැන් සිටම ලබා දී ඇති බවයි.
මෙලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ලබා දෙන පහසුකම් පිළිබඳ මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ “සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක වී අයි පී හෝ වී වී අයි පී යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ කිසිදු පෝලිමක් නොමැති බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ පැමිණෙමින් සිටින බැතිමතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
”සිරි දළදා වන්දනාව” සඳහා එක්වන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ දුම්රිය හෙට සිට ධාවනයට එක් කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.
සිරි දළදා වන්දනාව ආරම්භ වන්නේ හෙට පස්වරු 03යි 30ටයි.
එදින පස්වරු 05යි 30 දක්වා දළදා වහන්සේ වන්දනා කර ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා.
ඉන් අනතුරුව අනිද්දා සිට ලබන 27 වනදා දක්වා සෑම දිනකම දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා සිරි දළදා වන්දනාව මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.