මෙරට වෙළඳපොළේ රත්තරං මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
රත්‍රං අලෙවි කරන ප්‍රධාන සාප්පු සංකීර්ණ පිහිටා ඇති හෙට්ටිවීදිය ඇතුළු ප්‍රදේශවල කැරට් 24ක රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ 70,000දක්වා පෙර නොවූ මිලකට ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙක්ෂ 40,000 සීමාව පවා ඉක්මවා ගොස් තිබෙනවා.
එක්වරම රත්‍රං මිල ඉහළ යාම සහ මෙරට වෙළඳපොළේ වත්මන් තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් සොයා බැලීමක් කළා.
මේ වන විට ලෝක වෙළෙඳපොළේ ද රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයයට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එය රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිලයි.