Saturday, April 19, 2025

General line - 0115112241

ජුනි සිට අලුතෙන් ලක්ෂ 04කට අස්වැසුම



එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ඒ, මන්නාරම ප්‍රදේශයේ අද පැවති මහජන රැළියක් අමතමින්. 

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මහජනතාවගේ මුදල් නාස්ති නොකරන ජනතාවට වගකියන ආණ්ඩුවක් දැන් නිර්මාණය කර ඇති බවයි.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බවයි. 

ඒ, සමගි ජන බලවේගයේ පොළොන්නරුව, මැදිරිගිරියේ පැවති ජන රැළියකට එක්වෙමින්.