Saturday, April 19, 2025

General line - 0115112241

පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්



ලොව පුරා කිතුනු බැතිමතුන් අද මහ සිකුරාදා දිනය සමරනු ලබනවා. 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත ඇණ ගැසීමේ සිදුවීම සිහිපත් කෙරෙන මෙම දිනය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා.

මේ අතර, කිතුනු බැතිමතුන්ගේ පාස්කු දේව මෙහෙයන් අද සිට එළඹෙන 20 වනදා දක්වා පැවැත්වෙන බැවින් එම දිනවලදී කිතුනු බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. 

බැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදු විය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන් හා ඒ අවට ආරක්‍ෂාව තහවුරු කිරීමටත්, ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්‍ෂක පියවර ගන්නා ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරියේ යෙදවීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.