Saturday, April 19, 2025

General line - 0115112241

ගලබඩ දියඇල්ලේ ගිලී තරුණයෙකු අතුරුදන්

රංජිත් රාජපක්ෂ



නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. 

එලෙස අතුරුදන් වී ඇත්තේ නාවලපිටිය වෙස්ටෝල් ඇතටන්  ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. 

අතුරුදන් වූ තරුණයා ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමග ඊයේ උදෑසන ගලබඩ දිය ඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍රද ලබා නොගෙන දිය ඇල්ලට ඉහළ වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් අනවසරයෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දියඇල්ල  අසල  අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිටියදී අදාළ තරුණයා දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. 

අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවන්ගේද සහයෝගය ලබා ගැනීමට කටයුතු කර ඇති බව නාවලපිටිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.