Saturday, April 19, 2025

General line - 0115112241

පැය 24කදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 217 දෙනෙකු අත්අඩංගුවට



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී සැකකරුවන් 217 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. 

ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ වැටලීම් 219කදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 81ක් අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 69ක් ගංජා සන්තකව සිටි සැකකරුවන් 65 දෙනෙකු සහ හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90යි මිලි ග්‍රෑම් 64ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 147යි මිලි ග්‍රෑම් 615ක් ගංජා කිලෝ 18යි ග්‍රෑම් 600ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 260ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා. 

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි ඉකුත් 13 වනදා සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක වනවා.