Saturday, April 19, 2025

General line - 0115112241

සිරි දළදා වන්දනාව සමබන්ධව ව්‍යාජ ලෙස සකස් කරන ලද ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව නිකුත් කෙරෙනු නිවේදනය



“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස සඳහන් කරමින් ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නම සඳහන් කරමින් එම ව්‍යාජ ආරාධනා පත්‍රය සකස් කර තිබෙනවා. 

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙසටයි එහි සඳහන් කර ඇත්තේ. 

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් එවැනි ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. 

එමෙන්ම මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ වී අයි පී පෝලිමක් සකස් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන බවත් ඒවායේද කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙනවා. 

ව්_යාජ_ලෙස_සකස්_කරන_ලද_ආරාධනා_පත්_රයක්_සමාජ_මාධ්_ය_ඔස්සේ_සංසරණය_වීම by nethsound on Scribd