සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරිවල යෙදී සිටින සියලුම පොලිස් නිලධාරීන් සඳහා විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් අනුවයි.
අද සිට ලබන 27 වනදා දක්වා සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්‍ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
එම විශේෂ රාජකාරීවල යෙදී සිටින නිලධාරීන් තම සේවා ස්ථානයෙන් බැහැරව දින 10කට අධික කාලයක් දිවා සහ රාත්‍රී රාජකාරී කටයුතු සිදු කිරීම හේතුවෙන් එම නිලධාරීන්ට දැරීමට සිදු වන අමතර වියදම් සලකා මෙම විශේෂ දීමනාව ලබා දීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.