ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.
ඒ, අයි පී එල් තරඟාවලියට එක්වීම සඳහායි.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන්.
ඒ, එම කණ්ඩායමට ක්‍රීඩා කළ ග්ලේන් පිලිප්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන්.
දසුන් ශානක මීට පෙර 2023 අයි පී එල් තරඟාවලියේදීද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.