Saturday, April 19, 2025

General line - 0115112241

යේමනයේ තෙල් පර්යන්තයකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර



ඇමරිකාව විසින් යේමනයේ රාස් ඊසා තෙල් වරායට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 74 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 171 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

යේමනයේ හවුති කැරළිකරුවන්ගේ ඉන්ධන සහ ආදායම් මූලාශ්‍රය කපා හැරීමේ අරමුණින් එම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි ඇමරිකාව ප්‍රකාශ කර ඇත්තේ. 

එමෙන්ම රතු මුහුදේ නැව් ගමනාගමනයට හවුති කැරළිකරුවන් එල්ලකරන ප්‍රහාර නතර කරන තුරු ඊට ප්‍රතිචාර ලෙස ප්‍රහාර එල්ල කරන බව ද ඇමෙරිකාව පවසා තිබෙනවා. 

මේ අතර ගුවන් ප්‍රහාරයට ලක් වූ ප්‍රදේශවලට ප්‍රවේශ වීම දැඩි ලෙස පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් හවුති කැරලිකරුවන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.