Saturday, May 10, 2025

General line - 0115112241

දළදා වන්දනාව වෙනුවෙන් තවත් විශේෂ දුම්රිය දෙකක් අද රාත්‍රියේ සිට



සිරි දළදා වන්දනාව වෙනුවෙන් ජනතාවගේ සහභාගීත්වය වැඩි වී ඇති බැවින් ඔවුන්ගේ ගමන් පහසුව සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ දුම්රිය වාරවලට අමතරව තවත් දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ගමනාගමන එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ අද සිට ලබන 28 වනදා දක්වා එම විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බවයි. 

ඒ අනුව අද සිට රාත්‍රී 07යි 55ට දුම්රියක් මහනුවර දක්වා ගමන් ආරම්භ කෙරෙනවා. 

එම දුම්රිය රාත්‍රී 10යි 27ට රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟාවන අතර රාත්‍රී 10යි 40ට රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පිටත්වී මධ්‍යම රාත්‍රී 12ට මහනුවරට ළඟාවීමට නියමිතයි. 

මහනුවර දුම්රිය ස්ථානයෙන් අද සිට රාත්‍රී 08යි 30ට කොළඹ කොටුව බලා දුම්රියක් ගමන් ආරම්භ කෙරෙන අතර එම දුම්රිය රාත්‍රී 09යි 50ට රඹුක්කන දුම්රිය ස්ථානයට ළගා වීමට නියමිතයි. 

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10යි 35ට පිටත්වන එම දුම්රිය මධ්‍යම රාත්‍රී 12ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.