Sunday, April 20, 2025

General line - 0115112241

පින් සිත් පුබුදන සිරි දළදා වන්දනාව අද තෙවන දිනටත් - සැදැහැවතුන්ට පොලීසියෙන් දැනුම්දිමක්

කමල් සුරවීර



ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද තුන්වන දිනටත් පැවැත්වෙනවා. 

ඒ අනුව අද දිනයේත් දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාව සැදැහැවතුන්ට උදා වනවා. 

ඊයේ දිනයේදී දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. 

අද දිනයේදී දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් ඊයේ රාත්‍රිය පහන් කරමින් දිගු පෝළිම්වල රැඳී සිටියා. 

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.