අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් සපයන පොදු පහසුකම් තවදුරටත් වැඩි කිරීමට මහනුවර මහනගර සභාව පියවර ගෙන තිබෙනවා.
මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පැවසුවේ පොදු ජල ටැංකි රැසකට ස්ථාවර ජල සැපයුම් ලබා දීමට මෙන්ම තවත් ජංගම වැසිකිළි පද්ධති කිහිපයක් නගරය තුළ ස්ථාපිත කිරීමටද පියවර ගෙන ඇති බවයි.
කිසියම් පොදු පහසුකමක් හෝ වෙනත් ගැටලුවක් පවතී නම් ඒ සම්බන්ධයෙන් මහනුවර මහනගර සභාව දැනුවත් කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අද දිනය සතිඅන්ත දිනයක් බැවින් දහවල් කාලය වන විට දළදා වන්දනාවට මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.
එම ප්‍රමාණය ලක්ෂයද ඉක්මවා යා හැකි බැවින් අද දිනය මඟහැර ඉදිරි දින 07ක කාලය තුළ සිරි දළදා වන්දනාව සිදු කර ගැනීමට පැණිණෙන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම්දෙන්නේ.
මෙයින් සැදැහැවතුන්ට පහසුවෙන් දළදා වන්දනාව සිදු කර ගත හැකි බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.