Saturday, May 10, 2025

General line - 0115112241

ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි



රට තුළ යළි දේශපාලන ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා පැවසුවේ ජාතිවාදය රට තුළින් තුරන් කිරීමට අවශ්‍ය නව නීති සකස් කිරීමට රජයක් ලෙස සූදානම් බවයි. 


පසුගිය මැතිවරණවලදී ජනතාව කණ්ඩායම් වශයෙන් බෙදී වෙන්වී ඡන්දය ප්‍රකාශ කළද වර්තමාන රජය යටතේ සියලු දෙනා මේ වන විටත් එකට එක්වෙමින් කටයුතු  කරමින් සිටින බවයි නුවරහළිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.