Monday, April 21, 2025

General line - 0115112241

දළදා දැක්මට එන සැදැහැවතුන්ට වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්



දළදා වන්දනාව සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්‍ෂාව මේ වන විටත් පොලීසිය තහවුරු කර තිබෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. 

එමෙන්ම අවශ්‍ය පොදු පහසුකමක් සම්බන්ධයෙන් හෝ වෙනත් ගැටලුවක් පවතී නම් ජනාතාවට ඒ පිළිබඳ ආසන්නයේ සිටින පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.

 


මහනුවර නගරයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිදු වන සියලු ක්‍රියාදාමයන් සී සී ටී වී දර්ශන ඔස්සේ පොලිස් දත්ත ගබඩාවට එක්කර ගන්නා බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවා.