රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පාස්කු ඉරිදා අවසානය තෙක් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා එරට සියලු හමුදාවන්ට නියෝග කර ඇත්තේ පාස්කු සැමරුම් අවසන් වනතුරු සියලු හමුදා මෙහෙයුම් නතර කරන ලෙසයි.
එමෙන්ම එම සටන් විරාමය යුක්‍රේනය අනුගමනය කරනු ඇතැයි තමන් උපකල්පනය කරන බවත් සිදුවිය හැකි ඕනෑම සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් මැඩපැවැත්වීම සඳහා රුසියාව සූදානම් බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ තමන් එම සටන් විරාමයට අනුගත බවයි.
එහෙත් රුසියාව විටින් විට සටන් විරාමය කඩකරන බවද යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා එල්ල කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සටන් විරාමය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ රුසියාව පසුගිය මාසයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඉදිරිපත් කරන ලද එවැනි යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බවත් එය විශ්වාස කළ නොහැකි බවයි.
නමුත් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කොන්දේසි විරහිතව පූර්ණ නිහඬතාවක් රුසියාව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට තමා ද එකඟවන බව සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ නිවේදනය ක්‍රියාත්මක වීමට පැයකට පමණ පෙර, කියෙව්හි ගුවන් ප්‍රහාරක සයිරන් නාද වූ බවත් සටන් විරාම කාල සීමාවෙන් පැය හතරකට පමණ පසු ද කියෙව් සහ අගනුවර අවට කලාපයේ තවත් සයිරන් නාද අනතුරු ඇඟවීමක්ද ක්‍රියාත්මක වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.