Monday, April 21, 2025

General line - 0115112241

පකිස්තානයේ රැඳී සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පිටුවහල් කෙරේ



නීති විරෝධීව පාකිස්තානයේ රැඳී සිටි ඇෆ්ගනිසථාන ජාතිකයන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව මෙම මාසය තුළදී පමණක් පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානුවන් 19,500කට වැඩි පිරිසක් එරටින් පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පාකිස්තාන නිලධාරීන් විසින් පිටුවහල් කර ඇත්තේ ලියාපදිංචි නොවූ සහ තාවකාලිකව රැඳී සිටීමට අවසර ලබාදී ඇති ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිරිසක්. 

දිනපතා ඇෆ්ගනිස්ථාන පවුල් 700ත් 800ත් අතර ප්‍රමාණයක් පකිස්තානය විසින් පිටුවහල් කරනු ලබන අතර, ඉදිරි මාසවලදී එම ප්‍රමාණය මිලියන දෙකක් දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
 

කෙසේ වෙතත්, පකිස්තානය තුළ ලියාපදිංචි නොවූ ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට රට හැර යාම සඳහා පකිස්තානය විසින් අප්‍රේල් 30 වනදා දක්වා මාසයක සහන කාලයක් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා. 
 

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ 2021 වසරේදී තලේබාන් සංවිධානය බලය අත්පත් කර ගැනීමෙන් පසු පැමිණි ඇෆ්ගනිස්තානුවන් ලක්ෂ 7ක් ඇතුළුව මිලියන 3.5කට වැඩි පිරිසක් පාකිස්තානයේ ජීවත් වූ බවයි.