සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පසුගිය දින 10 තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන හාරසිය හැට දෙකක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා පැවසුවේ එය පසුගිය වසරේ අලුත් අවුරුදු සමයේ ආදායමට සාපේක්ෂව සියයට 15ක වැඩි වීමක් බවයි.